අප, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වෙමු.ශුක්‍ර තරල අවදියේ සිට මනුසත් බව ලැබීමටත්, එතැන් සිට නිදහස් අධ්‍යාපනයට ඇතුලු වීමටත් ඉන් නොනැවතී ලක්ශ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවක් අතුරින් සරසවි ප්‍රවේශය ලද දහස් සංඛ්‍යාත සිසු කැල අතරට තේරෙන තාක් කල් තරගයට මුහුණ දී ඉන් ජය ලැබුවෝ වෙමු. නමුත් මේ පුරසාරම දැන් කල් ඉකුත් වී ඇත.කල දේ ගැන නොව, කරන්නට ඇති දේ ගැන කතා කිරීමට කාලය යොදා ගත යුතු තැනට අප දැන් ඇවිත් ඇත. ගෙදර ඉදෙන බත් පත ඉදුනේ අම්මා නිසා පමණකැ'යි කීවේ පොඩි කාලයේය. අම්මා තාත්තා මෙන්ම ඒ පිටුපස ගොවියන්, ගෙවිලියන්, හා නොමනා දුක් විදි අම්බරුවන් මෙන්ම තවත් උදවියද සිටි බව අපට දැන් දැන් තේරෙන්නේය.
එමෙන්ම සරසවිය දක්වා පැමිණෙන අපේ ගමන් මගේ අප වෙනුවෙන් කැප වූයේ අප පමණක්ම නොවන බවත් බස් රථයේ ඉන්නා විට දුක්බර මුහුණකින් සිගමන් යදින ඒ අත්තම්මාත්, අවුරුදු දෙකක තම දරුවා වඩවා ගෙන සුවිප් ටිකක් විකුණමින් පාර දිගේ ඇවිදින ඒ අක්කා පවා ඊට හවුල් වී ඇති බවත් දන්නේ සරසවියේ හුස්ම ටිකින් ටික ඉව වැටෙන විටය. ඔවුන් කල කී දෑ වලට ස්තුති කිරීම තරම් නොවනු ඇත. ලිං කටෙන් ගොඩ ඒමට යටින් සිට තල්ලු කල එකාට ලිදෙන් ගොඩ ආ එකා කල යුත්තේ ගොඩ ඒමට කඹයක් දීම මිස ස්තුති කර එතනින් පිටව යාම නොවේ.අපෙන් පසුව මේ සරසවිය නම් ලිං කටට ගොඩ වන්නේ දුප්පත්කම නම් ලිං පතුලේ හිදිමින් අපට ඉහලට යාමට තල්ලු දැමූ අපේම එකෙකි. අපේ සරසවිය අන් ඒවායින් වෙනස් වන්නේ මෙන්න මෙතැනදීය. අනෙක් සරසවි සිසුන්ගෙන් අපි වෙනස් වෙන්නේ මෙතැනදීය. ඒ සරසවි වල අපේ එකාලට හොදට හෑ කුඹුරු ලැබී ඇත.
අපට වී ඇත්තේ එහි අනෙක් පැත්තය. එනම් අනාගතයේ මේ පිං බිමට පය ගහන අපේ එකාලාට මෙය හොද තැනක් කිරීමට වී ඇත්තේ අපටමය. උන්ට කළගුණ සැලකීමේ පුරෝගාමීන් වීමට සිදුවී ඇත්තේද අපටමය.එය හොදක් ලෙස හෝ නරකක් ලෙස දැකීම ඔබ සතු වගකීමකි. මාගේ මතයට අනූව නම් එය හොදක් පමණි. එකක් නම් කුඹුර දැන් අපේය. හා ගත හැක්කේ අපට ඕනෑ හැටියටය.අලුත් උන්ට ඕනෑ වේයැ'යි කියා අපට සිතෙන විදිහටය.දෙවැන්න නම් අප මේ ක්‍රියාවලියේ ප්‍රාරම්භකයන් වන්නේද අපමය. මම ඔබෙන් මෙසේ ඇසුවොත්, "ඔබට මතකද 2014 Olympic 100m ඉසව්වේ දෙවෙනි ස්ථානය දිනූ තරගකරුගේ නම?" ප්‍රථම ස්ථානය දිනුවේ හුසේන් බෝල්ට් බව සැවොම දනී. නමුත් දෙවෙනියා ගැන කාටත් ගාණක් නැත.සරලවම කිවහොත් , කිසිවෙකු දෙවෙනියාව ගනන් ගන්නේද නැත. ප්‍රාරම්භකයන් වීම,පළමු අඬහැරය නගන්නන් වීමම වැදගත් වන්නේ එබැවිනි. නමුත් එය භයානකය, කටු අකුල් මැදින් යා යුත්තේය.පිළිතුර ලෙස තවත් අඬහැරයක් වෙනුවට වෙඩි ශබ්දයක් ලැබීමේ සම්භාවිතාව ඉහලය. අවසානයේ කීමට ඇති දෙය නම් වේදනාවක් නැති තැනක ජයග්‍රහණයක්ද නොමැත. ලෙය, කඳුලු, ජීවිතය කැපකර අප ඊට අරුතක් එක් කල යුතුය.

0 comments:
Post a Comment