ජපාන ජී.07 සමුළුවට සහභාගී වන ප්රධාන කාර්මික රටවල් 7 වන්නේ ඇමරිකාව, ප්රංශය, ජර්මනිය, බ්රිතාන්ය, කැනඩාව, ඉතාලිය සහ ජපානය යි. මෙම රටවල් හැර තවත් රටවල් 7 ක් ආරාධනා ලැබ තිබේ. බංගලා දේශය වියට්නාමය ආදී එම රටවල් අතරට ශ්රී ලංකාවද අයත් වේ. අතිරේක රටවල් 7 ටද එක් දිනයක් වෙන් කර තිබේ. මෙහිදී කැපී පෙනෙන කාරණය වන්නේ මෙම සමුළුවට සහභාගී වන රටවල් 14 ම රාජ්ය නායකයන්ගෙන් ගුවන් යානාවක් චාටර් කරගෙන නොපැමිණෙන්නේ ශ්රී ලංකාවෙන් පමණක් වීමයි. මේ හේතුව නිසා ජපාන ගුවන් තොටුපොලේ දී රාජ්ය නායකයන් රතු පලස් දමා පිලිගැනීමද ශ්රී ලංකාව වෙනුවෙන් වෙනස් කිරීමට සංවිධායක වරුන්ට සිදුව ඇත. මන්ද යත් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා සහ පිරිස එන්නේ සාමාන්ය ගුවන් යානාවක සාමාන්ය මගීන් සමග වීම හේතුවෙනි. ඔවුන් ඊට අමුතුම ක්රමයක් සොයා ගෙන තිබේ..
මෙය මේ අවස්ථාවේදී ජපාන මාධ්යකරුවන්ගේ අවධානයට ලක්ව තිබේ. ඒ කෙසේද යත් ශ්රී ලංකාවේ ජනතාවගෙන් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් ගංවතුරින් සහ නාය යෑම් වලින් අවතැන්ව පීඩාවට පත්ව සිටියදී, ආණ්ඩුව විදේශ වලින් ආධාර ඉල්ලා තිබියදී ඒ වේදනාව සහ විනාශය රටේ නායකයාද ඇමැතිවරුන්ද දරා ගනිමින් කෝටි ගණනක් වියදම් වන තනි ගුවන් යානාවක් චාටර් කරගන්නේ නැතිව සාමාන්ය ගුවන් යානයකින් ජපානයට පැමිණීම ඉමහත් ලෙස අගය කරමිනි. ජනවාරි 8 වෙනිදා ජනතාව පැතූ වෙනසේ එක් දෙයක් නම් මෙයයි. පාලකයන් මහජන මුදල් විනාශ කිරීම නතර කිරීමයි. කවුරුන් හෝ හොඳ දේ කරයි නම් එය අගය කිරීමටත් වැරැද්ද කරද්දී එය හෙළා දැකීමටත් මාධ්යකරුවන්ට කොන්දක් තිබිය යුතුය. දශකයක් පුරා රට වැනසූ මැදමූලන මෘග චෞරයාගේ ආරක්ෂාවෙන් හමුදා භටයන් ඉවත් කිරීම ගැන උදේ හවා හඬා වැටෙන දෙරණ වැනි තක්කඩි මාධ්ය බිංදුවක් හෝ රටට ආදරයක් තිබේ නම් ජනතාවට වාර්තා කළ යුත්තේ හොරෙකුගේ ආරක්ෂාව ගැන නොව හොරා කෑම නවතා මහජන මුදල් නාස්ති නොකර ජනතාව ගැන සිතා කටයුතු කරන නායකයන්ගේ බිංදුවක හෝ කැපවීමක් ගැනය. ඔවුන්ද ධෛර්යමත් වන්නේ එවිට ය. ජපාන මාධ්යකරුවන්ට ඇති කැක්කුමට වඩා වැඩි කැක්කුමක් රටේ එවුන්ට තිබිය යුතුය.

0 comments:
Post a Comment