යහපාලන ආණ්ඩුවේ වෛරී අදහස් සහ ක්‍රියාවන් නිසා මේවන විට රට තුළ ගංවතුර හා නායයාම් සිදුවෙමින් ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
පැවිදි හඬ සංවිධානය විසින් අද (17)පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පැවසුවේ මෙවැනි තත්ත්වයක් මීට පෙර නොවූ බවය.
මේවන විට රට තුළ විනය පිරිහී ගොස් ඇති බවත්, රට ඉදිරියට මෙහෙයවීමට ආණ්ඩුවේ නායකයන්ට බුද්ධියක් නැති බවත් උන්වහන්සේ පෙන්වාදුන්නේය.
සෝභිත හිමියන් වැනි නායකයන් අපවත් කිරීමත්, මේවන විට මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවද අනතුරේ දමා තිබීමත්, යහපාලන ආණ්ඩුව රටට කළ එකම දෙය බව පැවසූහ.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම ගැන මහා නායක හිමි වරුන් පවා කතා කළද ආණ්ඩුව එය නොසලකා හැර ඇති බව උන් වහන්සේ පෙන්වා දුන්නේය. මේ නිසා සියලු නිකායවල ස්වාමින් වහන්සේගේ එකඟත්වයෙන් රජය සමග ගනුදෙනු කළ හැකි සංඝරාජ හිමිනමක් පත්කර ගැනීමට අවධානය යොමුකරන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.
0 comments:
Post a Comment