පසුගිය දින කිහිපය පුරාවටම අඛණ්ඩව ඇද හැලුන වර්ෂාවෙන් දිස්ති‍්‍රක්ක රැසක ජනතාව ආපදාවට පත්වුනා. ඊට අමතරව නාය යෑම් හා සුළං තත්ත්වයන් හේතුවෙන් බොහෝ දේපලද විනාශයට පත්වුනා. ජීවිතද අහිමිව රට පුරාම ජනතාව විපතට පත්ව සිටින මොහොතක එම විපතද විහිළුවකට ගත් නිළියක් පිළිබදව අන්තර්ජාලයෙන් වාර්තා වනවා.
ටෙලිනාට්‍ය කිහිපයක පමණක් රඟපා ඇති මධූ නිත්‍යානි නම් මෙම රංගන ශිල්පිනිය කැළණිය ප්‍රදේශයේ ගංවතුර ඇතිවූ ස්ථාන කිහිපයක සිට සෙල්ෆි ඡායාරූප රැගෙන සිය Facebook ගිණුමට එක්කොට ඇත්තේ අපි ගංවතුර බලන්න ගියෝ යනුවෙන් සදහන් කරමින්. එය ඇයට Feeling Cool ගෙන දෙන්නක්ද වන බව එහි සදහන්.
තැනක් නොතැනක් නොමැතිව සෙල්ෆි මේනියාවෙන් පෙළෙන අද සමාජයේ බොහෝමයක්ම රංගන ශිල්පිනියන් මෙන්ම බොහෝ අය සිදු කරන මෙවැනි කි‍්‍රයා වලින් මෙවැනි හදිසි ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත්වී ඇති අහිංසක සාමාන්‍ය ජනතාවගේ සිත් රිදීම පිළිබදව මොවුන්ට අවබෝධයක් නොමැතිවීම ඇත්ත වශයෙන්ම ඛේදනීය තත්ත්වයක්.
0 comments:
Post a Comment