සිංහල ගෝසිප් හා ජිවිතයට අදහස්

POP

gossipkingwood.blogspot.com/

Saturday, May 28, 2016

ඇබ්බැහිවීමේ වින්දනය

                    ස්වයං වින්දනය........ඔබ මේ පිලිබදව දරන්නේ කෙබදු මතයකද?කවුරුන්  කොහොම මතයක් දැරුවත් මෙය සාමාජීයව හා මානසිකව බලපාන ගැටලුවක් බවට පත්වෙලා.
                         ද්විතියික ලිංගික ලක්ෂණ පහල වීමත් සමග තමා දැන් වැඩිහිටියකු යන සිතුවිල්ල සෑම යෞවනියක් යෞවනයෙක් තුලම ඇති වෙනවා.පිටත සමාජයට මේ බව දැනුම් දෙන ශාරිරික වෙනස්කම් සමග ඔවුන්ගේ මානසික මට්ටම්ද ශීඝ්‍රෙයන් වර්ධනය වෙනවා.මෙහි එක් ප්‍රතිඵලයක් තමයි විරුද්ධ ලිංගිකයන් වෙත දක්වන ආකර්ෂණය හා ලිංගිකත්වය පිළිබද ඔවුන් තුළ ඇතිවන කුතුහලය.ඇත්තෙන්ම මනා වැඩිහිටි දැනුවත් කිරිමක් හා නිසි වයසේ දි ලබා දෙන ලිංගික අධ්‍යාපනය මගින් ඔවුන්ගේ  මේ කුතුහලය සංසිදවිය හැක.


          නමුත්  ස්වයං වින්දනය යනු ලිංගිකත්වය කෙරෙහි නව යෞවුන් වියේ දරුවන්  දක්වන කුතුහලය ඉක්මවා යෑමක් කිවහොත් නිවැරදිය.නෑමේදී, රහස් ප්‍රෙද්ශය පිරිසිදු   කරගැනිමේදී හෝ නින්දේදී තමාගේම ස්පර්ශය නිසා ලිංගික අවයවයන්හි සිදුවන හෑගිම් උද්දීපනය කෙරෙහි දක්වන කැමැත්ත තමයි මුල් පියවර ලෙස හදුනාගන්නේ.ක්‍රමයෙන් මේ සදහා ඔවුන් ඇබැහිවීමට පටන් ගන්නවා   පිටස්තර අයකුගේ සහභාගිත්වයක් නොමැතිව වින්දනයක් ලැබිය හැකි නිසාත් , අතිශය රහසිගත නිසාත් බොහෝ යෞවන යෞවනියන් මෙය වරදක් ලෙස දකින්නේ නැහැ.සැබැවින්ම මෙහි සෞඛ්‍යමය අහිතකර  බවක් නෑ.නමුත් පංකාව වැනි සංස්කෘතිය මුල් බැසගත් රටක මෙය විශාල වැරැද්දක් ලෙස තමයි දකින්නේ. විශේෂයෙන්ම ගැහැණු දරුවකුගේ චරිතවත් බව මහ ඉහලින් අගය කරන සාමාජයක තමයි ඔබත් මමත් ජිවත් වන්නේ.ඉතින් ස්වයං වින්දනය නිසා යම් හෙයකින් ඔබේ කන්‍යා පටලයට හානියක් සිදුවුහොත් එය එබේ මුුලු විවාහ ජිවිතයම දෙදරවන කරුණක් විය හැක.එසේත් නැතිනම් ඔබට යම් හෙයකින් මෙවැනි පුරුද්දක් තීබි එය පවුලේ අයකුට හෝ වෙනත් අයකුට අරංචි වුවහොත් ඔබෙි නාමයට එය අවාසනාවක් වනු ඇත.    

                   
එපමණක් නොව මේ ඇබ්බැහි වීම ඇතැම්විට ඔබටම පසුකාලීනව මානසික වදයක් වු ඇත.එබ දැනටමත් මෙයට ඇබ්බැහි වී ඇත්නමි  මනෝ වෙද්‍යවරයකු  වෙත යන්න.ඉතින් අප ඔබට ලබා දෙන පණිවුඩය නම් ස්වයං වින්දනය ඔබේ ජිවිතයට අත්‍යඅවශ්‍ය අංගයක් හෝ ක්‍රියාවක් නොවේ.සැබැවින්ම එය අනවශ්‍ය ඇබ්බැහි වීමකි.ඔබට මේ පුරුද්ධ තිබේනවානම් හැකි ඉක්මණින් එය නවතා දමන්න.ඔබට බියක් සැකාක් නොමැතිව ජිවත් වීමට එය මහගු පිටුවහලක් වනු ඇත.

ගිලින පෙති ගැනිම ගැබ් ගැනිමට බාධාවක්ද?

          බොහෝ විවාහක යුවතියන්ට මෙන්න ආදරය කරන ප්‍රේමවන්තුන්ට පවතින ගැටලුවක් තමයි ගිලින පෙති හෙවත් උපත් පාලන පෙති භාවිතා කලොත් පසු කාලීනව ගැබ් ගැනීමට එය බාධාවක්ද යන වග.ගිලින පෙති ගැනිම ගැබ් ගැනිමට බාධාවක් බව සාමාජයේ මිත්‍යා මතයක් පවතී.
         උපත් පාලනයක් ලෙස ගිලින පෙති ගැනීම අවශ්‍ය කාලයට දරු පිලිසිද ගැනිමට බාධාවක් නොවේ.පෙති ගැනිම නතර කර මාස කිහිපයකට පසු ඔබ ලිංගිකව එක් වීම මගින් දරු පිළිසිද ගැනීමක් සිදුකර ගත හැක.විශේෂයෙන් ඔබ අඩු වයසින් විවාහ වී ඔබට දරු පිළිසිද ගැනීම වසර 2-3කට ආදි ලෙස ද පමා කර ගත හැක.එයට විශේෂිත වු කරල් දැමීමේ ක්‍රමයක් පවතී.නමුත් එම දිගු කාලීන උපත් පාලන ක්‍රමයකට යාමට ප්‍රථම පවුල් සෞඛ්‍ය නිලධාරිනියකගේ හෝ ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් අනතුරුව එම උපදෙස් අනුව අවශ්‍ය කරල් පාවච්චිය සුදුසුය.මෙම කරල් දැමීමේ ක්‍රමය හානිකර නැත.එහෙත් ඔබ එම වසර ප්‍රමාණය අවසන් වන
තෙක් ගැබ් ගැනීමක් සිදු නෙවේ.එම වසර ගනණ අවසානයේ ගැබ් ගැනිමක් සිදුවනු ඇත.


              ඔබට පවතින මෙි හා සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් comment කරන්න.තවද මෙිම ලිපියෙන් ඔබට ප්‍රෙයා්ජනයක් සිදු වුවානමි ඔබේ අදහසත් පල කරන්න.

Friday, May 27, 2016

කුඩා පියයුරු ඔබට ප්‍රශ්නයක්ද?

                කාන්තාවන්ට ලිංගිකත්වය සමිබන්ධව නොයෙකුත් ප්‍රශ්න පවති.ඔවුන් ඒ සම්බන්දව ප්‍රතිකාර ගැනිමට හෝ අසා දැන ගැනිමට මැලිකමක් දක්වයි.ඔබට රෝගි තත්වයක් නොමැතිනමි ඔබගේ සිතට වද දෙන ලිංගික ප්‍රශ්නයක් තිබෙිනමි නෙපමාව මනෝ වෛද්‍යවරයකු වෙත යන්න.
       බොහොමයක් කෙසග සිරුරක් හිමි කාන්තාවන්ට ඇති ප්‍රශ්නයක් තමයි පියයුරු ඉතා කුඩා වීම.ඇතැම් තරමක් මහත කන්තාවන්ට පවා ශරිරයේ ප්‍රමාණය හා ගත් කල පියයුරු ඉතා කුඩාය.විවාහ වී දරුවන් සිටින ඇතැම් කන්තාවන්ගේද පියයුරු ඉතා කුඩාය.මෙය එතරමි බරපතල රෝගි තත්වයක් නොවෙි.මෙය ඔබගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ඇති දුර්වල බවකි.
        කිසි විටෙක පියයුරු කුඩා කියා පියයුරු නිතර නිතර මීරිකිම කරන්න එපා.එවිට ඔබගේ අත්වල ඇති විශබිජ වැනි දෑ නිසා අසාදන තත්ව ඇති විය හැක.පියයුරු මිරිකු පමණින් විශාල වන්නේ නැත.එය මිත්‍යා මතයකි.ඔබේ පියයුරු කුඩානම් fad දමා bra පලදින්න.නමුත් එවා අසාමන්‍ය ලෙස තද වන ලෙස පැලැදීමෙන් වලකින්න.තවද එම බ්රා පටි හා ෆැඩි හොදින් පිරිසිදු කර පැලදිමට වගබලා ගන්න.
   
    බොහෝ විට කාන්තවකගේ පියයුරු වල ප්‍රමාණය තීරණය වීම සිදුවන්නේ පරම්පරාවේන් එන ජාන මතය.ඊට අමතරව ඇගේ ශරිරයේ හැඩරුව ව්‍යායම්වල නිරතවිම හා හෝමෝන ක්‍රියාකාරිත්වයේ බලපෑමි නිසා පියයුරු වල වැඩිම තීරණය වේ.

  ඔබෙි පියයුරු වල ගැටලුවක් තිබෙිනමි ඔබ මුලින් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය.ඉන්පසු හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න.එවිට හෝමෝන සම්බන්ධ ගැටලුවක් තිබේද කියා නිගමනයකට එලබිය හැක.එවැනි ගැටලුවක් නොමැතිනම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරු  විශාල කරගත හැක.දිවයිනේ රජයේ   ප්‍රධාන රෝහල් වල ඒ සදහා පහසුකම් ඇත.

  කේසේ වුවද කන්තවකගේ විවාහයේ සාර්ථකත්වය හෝ ප්‍රේම සම්බන්ධතාවයේ සාර්ථකත්වය හෝ ලිංගික ජිවිතයේ සාර්ථක බව රාදා පවතින්නේ පියයුරුවල   ප්‍රමාණය මත නොවේ.දරුවාට කිරි දීමට හෝ සැමියාගේ සතුට වෙනුවෙන් හෝ ඉන් කිසිදු බලපෑමක් ඇති නොවෙි.


ඔබට පවතින මෙි හා සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් comment කරන්න.තවද මෙිම ලිපියෙන් ඔබට ප්‍රෙයා්ජනයක් සිදු වුවානමි ඔබේ අදහසත් පල කරන්න.










ජී 7 සමුලුවේදී මෙරට කාන්තාව පිළිබද විශේෂ අවධානයක්

                               ජනපති  මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වන ජි 7 සමුලුවෙිදි සෞඛ්‍ය හා කාන්තාව පිලිබද විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිත බැවින් ශ්‍රි ලංකික කන්තාව ගැන ද එහි දි විශේෂ අවධානය කෙරෙනු ඇතැයි ව්‍යවසාහය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියා.මෙවර ජි7 සමුල්වේදී ජපානයේ ඉල්ලීමක් මත කාන්තාවන් සහ සෞඛ්‍ය පිළිබද සාකච්ඡා කෙරෙනු ඇත.

                කාන්තාවනගේ අධ්‍යාපනය විශේෂයෙන් සමාජ අධ්‍යාපනය හා විද්‍යාව දෙසට කාන්තාවන් යොමු කිරීම ගැන එහිදී කතා කෙරෙනු ඇති අතර ශ්‍රිලංකීය කාන්තාවන් පිලිබදව එහීදි වැඩි අවධානයක් යොමු වනු ඇත.ශ්‍රි ලංකීය කාන්තාවන් සැලකියයුතු පිරිසක් වැඩකරන්නේ මැදපෙරදිග අනාරක්ෂිත රටවල නමුත් ශක්තිමත් යුරොපා රටවල රැකියා අවස්ථාවන්  සලසා ගත හැකි අතර හෙද සේවය වැනි රැකියාවන් එම රටවල ලොකු ඉල්ලුමක් පවතින බවත් මෙරට කාන්ාවන් එයට යොමු කිරිම සම්බන්ධව සාකඡා කෙරෙනු ඇත.

BIZMEET 2016 දියත් කෙරේ.

        ජුනියර් වෙම්බර් ඉන්ටර්නැෂනල් සමාගම BIZMEET 2016 නමින් විශේෂ සමුලුවක් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.අනාගතයේදි ව්‍යාපාරික ලෝකයට පිවිසිමට බලාපොරොත්තු වන්නන් අතර සදාචාරවත් ව්‍යාපාරික පුරුදු ප්‍රචලිත කිරීම මෙිම වැඩසටහනේ මුලික අරමුණයි.මෙහි සමාරම්භක අවස්ථාව රාජ්‍ය ව්‍යවසාහය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.දැනට ව්‍යාපාරික අයතන වල කලමණාකරණ තනතුරු දරන,අනාගතයේදී එම ව්‍යාපාර වලට නායකත්වය දීමට නියමිත තරුණ කලමණාකරුවන් ඉලක්ක කරගෙන මේම වැඩසටහන සංවිධානය කර ඇත.BIZMEET 2016 වැඩසටහන දැනුම හා විනෝදය සපිරි සැසි 10කින් සමන්විත වේ.මේම සැසි වලදී තීරණ ගැනිම සදහා අවශ්‍ය පුහුණුවද ව්‍යාපාරික නායකයින්ට ලබා දීමට සංවිධායකවරු බලාපොරොත්තු වේ.